හිරු නොබසින රාජ්‍යයේ මහ ‍රැජිණටත් කොරොනා

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ ‍රැජිණට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) බකිංහැම් මාළිගය විසින් නිවේදනය කර තිබෙනවා. මේ වන විට ඇය 95 වන වියේ පසුවනවා. 

බ්‍රිතාන්‍ය මහ ‍රැජිණගේ වැඩිපහල් පුතුවන චාල්ස් කුමරුට සහ ඔහුගේ බිරිඳ වන කැමිලා කුමරියට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව මීට දින කිහිපයකට පෙර නිවේදනය කර තිබුණා. 

මේ වන විට එළිසබත් මහ ‍රැජිණට සුළු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් සියළු මාර්ගෝපදේශයන්ට යටත්ව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන බවත් බකිංහැම් මාළිගය විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu