එල්.පී ගෑස් ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ප්රමිති සකස් කිරීම සහ නියාමනය කිරීමට ශ්රී ලංකා ප්රමිති ආයතනයට බලය පවරමින් අති ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එල්.පී. ගෑස් ආනයනය, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර් සහ වෑල් ආදි සියලුම දේවල් සම්බන්ධයෙන් ආනයනය සහ බෙදාහැරීමේ ප්රමිති සකස් කිරීම සහ නියාමනය කිරීමේ ආදියෙහි බලය ශ්රී ලංකා ප්රමිති ආයතනයට හිමිවනු ඇති.