සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීරණය නැවතත් අද (03) සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බොරතෙල් මිලදී ගැනීමේ දී මතු වී ඇති ගැටළුවක් එයට හේතු වී තිබෙනවා.
පසුගිය නොවැම්බර් මස 15 වනදා ද සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය වසා දැමුණු අතර එය අනෙවත විවෘත කලේ දෙසම්බර් 07 වනදායි. අද වසා දමන බොරතෙල් පිරිපහදු සංකීර්ණය නැවතත් ජනවාරි 26 හෝ 27 වන දින විවෘත කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ.
කෙසේ වෙතත් තෙල් පිරිපහදු රසායනාගාර විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙසේ වරින් වර තෙල් පිරිපහදු සංකීර්ණය වසා දැමීමෙන් ආර්ථිකයට දැඩි පාඩුවක් සිදුවන බවයි.