ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමඟම ඉන්ධන නෞකා දෙකක් ඊයේ (19) දිනයේ දී මුදා හැරීමට පියවර ගනු ලැබුවා. එසේම කැළණිතිස්ස විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබා දීමටත් එකඟතාවයකට පිවිසුණා.
ඒ අනුව, අද (20) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ.