රජයෙන් දුන් පොහොර භාවිතා කලේ නැත්නම් වන්දි නැහැ

රජය විසින් ලබා දී ඇති පොහොර භාවිතා නොකල කිසිම ගොවියෙකුට වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. යම් ගොවියෙක් වන්දි ඉල්ලනවා නම් කාබනික ඝන පොහොර, ජෛව දියර පොහොර, පොටෑසියම් ක්ලෝරයිඩ් වගේම "නැනෝ" නයිට්‍රජන් රජයෙන් ලබා දී ඇති පොහොර වර්ග හතර භාවිත කළ යුතුව ඇතැයි ඇමතිවරයා අවධාරණය කරනවා. 

"එම පොහොර භාවිත කිරීමේ දී ගොවියාගේ නිෂ්පාදන ක්‍රියාවලියේ යම් අඩුවක් වුවහොත් අපි එහි වගකීම අරගෙන අදාළ වන්දිය ගෙවනවා" යැයි ඇමතිවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu