කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කගේ තරඟ තහනම ඉවතට

2021 වසරේ දී ක්‍රිකට් තරඟ තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් අද සිට (07) එම තහනමෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමි‍ටුව තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් තිදෙනාට එංගලන්තයේ පැවති සංචාරයක දී ආරක්ෂිත ජෛව බුබුල බිඳ දැමීමේ චෝදනාව මත වසරක ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවූ අතර දඩ මුදලක් ද අය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu