අද (28)උදෑසන හැටන් පොලිස් වසමේ දිකොය බරවල මාර්ගයේ ගමන් කරමින් තිබූ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් අඩි 45ක් ආසන්න ප්රපාතයකට පෙරළී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් 8 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු දික් ඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙනවා.