2022 වර්ෂය සඳහා මහජනතාවට ආර්ථික සහන ලබා දීමට රජය කටයුතු කරනවා. ඒ අනුව පහත සහන ලබා දීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
- රජයේ සේවකයන්ට සහ විශ්‍රමිකයින්ට රුපියල් 5,000/- බැගින් වූ මාසික දීමනාවක් ජනවාරී සිට ලබා දීම
- පෞද්ගලික අංශයේ සේවායෝජකයින් සමඟ සාකච්ඡා කර එම සහනය පෞද්ගලික අංශයේ සේවකයින්ටද ලබා දීමට පියවර ගැනීම
- රුපියල් 3,500/-ක මාසික දීමනාවක් හිමි සමෘද්ධිලාභීන්ට රුපියල් 1000/-ක අමතර දීමනාවක් ලබා දීම සහ එම දීමනාව අනෙකුත් සමෘද්ධිලාභීන්ට ද ලබා දීම
- ඉදිරි කන්නයේදී වී අස්වැන්නෙහි යම් අඩුවක් සිදුවුව හොත් දැනට වී කි.ග්‍රෑ. 1කට ගෙවනු ලබන රු. 50ක සහතික මිලට අමතරව වී කි.ග්‍රෑ. 1කට රු.25 ක අතිරේක මුදලක් ගෙවීම
- වෙළඳපොළේ සහල් මිලට බලපෑමක් නොවන පරිදි එලෙස ගෙවනු ලබන අතිරේක මුදල රජය විසින් දරා ගැනීම
- පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු,පළතුරු වගා කිරීම දිරිමත් කිරීමේ ගෙවතු වගා වැඩසටහනක්
- භූමිය සකස් කිරීම, බීජ ලබා ගැනීම වැනි යෙදවුම් සඳහා ඉඩමේ ප්‍රමාණය අනුව උපරිමය අක්කරය දක්වා රුපියල් 10,000/- ක උපරිමයකට යටත්ව දිරිගැන්වීමේ දීමනාවක් ලබා දීම
- වතු කම්කරු පවුලක් සඳහා කි.ග්‍රෑ. 1ක් රුපියල් 80/- බැගින් තිරිඟු පිටි කි.ග්‍රෑ.15ක් සහන මිලකට ලබා දීම
- අවශ්‍ය අවස්ථාවන්වලදි දේශිය ගොවීන් හා නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සියලුම අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීම