මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබෙනවා. ඒ 2021 සහ 2022 අයවැය මගින් ඉහත කටයුතු සඳහා විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවටයි.
ඊට අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙහි අරමුණ වී ඇත්තේ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවන පරිදි මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කිරීම යි.