දැනට මෙරට තුළ පවතින විදුලි අර්බුදය හමුවේ ඉක්මනින් ක්‍රියාමාර්ග නොගතහොත් තත්ත්වය තව දුරටත් උග්‍ර විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අතිරේකව ඇති විදුලි ජනන යන්ත්‍ර හෙවත් ජෙනරේටර් භාවිතයෙන් විදුලිය උත්පාදනය කර ජාතික පද්ධතියට එක් කිරීම වඩා යෝග්‍ය බවයි ඔහු පවසන්නේ. එමඟින් මෙගාවොට් 3000ක පමණ විදුලි ධාරිතාවක් එකවර උත්පාදනය කර ගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.
මේ අතර විදුලි භාවිතය අඩු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.