ගෑස් හිඟය නිසා කර්මාන්ත ‍රැසකට බාධා

මෙරට පවතින ගෑස් හිඟය නිසා කර්මාන්ත ‍රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. මහා පරිමාණ බිස්කට් ශාලා, මුරුක්කු බයිට් වර්ග මෙන්ම රස කැවිලි නිෂ්පාදන, ටයිල් කර්මාන්තය, පෝසිලේන් කර්මාන්තය, දේශීය බතික් කර්මාන්තය, ලොන්ඩරි කර්මාන්තය ගෑස් හිඟය නිසා දැඩිව බලපෑමට ලක් වූ කර්මාන්ත ලෙස සඳහන්. 

ගෑස් හිඟය නිසා ධීවරයින් ද බොහෝ දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. මසුන් ඇල්ලීම සඳහා මුහුදු යන ධීවර යාත්‍රාවල ආහාර පිස ගැනීමට ගෑස් හිඟය නිසා නොහැකි වීමෙන් ධීවර කර්මාන්තය ද දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා.

එසේම ගෑස් හිඟය නිසා මේ වන විට කුඩා පරිමාණ හෝටල් ද බොහෝ ප්‍රමාණයක් වසා දමා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu