පියාසර කල හැකි මෝටර් රථවලට නිල අනුමැතිය හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සඳහා රිය්දුරු බලපත්‍රයක් මෙන්ම ගුවන් යානා පියාසැරි බලපත්‍රයක් ද අවශ්‍ය වනවා.
ස්ලෝවැකියාවේ දී සාර්ථක අයුරින් පරීක්ෂණයට ලක්ව ඇති මෙය කුඩා අහස් යානාවක් ලෙස පරිවර්තනය වන මෝටර් රථයක්. මෙහි පරීක්ෂණ පැය 70කට අධික කාලයක් තිස්සේ සිදු කර තිබෙනවා.
පියාසර කරන මෝටර් රථය නුදුරේ දීම වාණිජ වෙළඳපොලට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ.