දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිටින කිඹුලා ගැටකිඹුලා යන විශේෂයට අයත් කිඹුලෙක් වන අතර ඔවුන් ලොව සිටින විශාලතම උරග විශේෂයට අයත් වනවා. ගැටකිඹුලන්ට කරදියට අනුවර්තනය වීමේ හැකියාව තිබෙනවා.
ජනතාව භීතියට පත් කල දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිටින කිඹුලා ඉවත් කිරීමට නිසි පියවර ගන්නා බවයි වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ.