2012-2015 වසරවල දී මැදපෙරදිග රටවලින් වාර්තා වූ මර්ස් (MERS-CoV) නම් වෛරසයේ විකෘතියක් ලෙස මෙම නව වෛරසය හඳුනාගෙන ඇති අතර විද්‍යාඥයින් විසින් එය NeoCoV නමින් නම් කර තිබෙනවා. වෛරසය ඉක්මණින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවත් එමඟින් ඉහළ මරණ අනුපාතයක් ඇති විය හැකි බවත් විද්‍යාඥයින් පෙන්වා දෙනවා. වෛරසය ආසාදනය වූ සෑම පුද්ගලයින් තිදෙනෙක්ගෙන්ම එක් අයෙකු මරණයට පත් වීමේ සම්භාවිතාවක් පවතින බවයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.
කෙසේ වෙතත් මේ දක්වා මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් කිසිවෙක් හඳුනාගෙන නොමැති අතර වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කීරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් වැඩි දුරටත් පවසා තිබෙනවා. යම් හෙයකින් වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වුවහොත් එය කොවිඩ් වෛරසයට වඩා වැඩි හානියක් ලොවට ඇති කරන බවයි විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ.