සිමෙන්ති කොට්ට රැගත් නෞකාවක් දිවයිනට
Thursday, January 27, 2022
මෙරට තුළ සිමෙන්ති හිඟයක් පවතින අවස්ථාවක සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවීමට නියමිත බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදයකයින් පවසනවා. සිමෙන්ති කොට්ට ලක්ෂ 06ක් පසුගිය සතියේ දී ද මෙරටට පැමිණි බව ඔවුන් සඳහන් කරනවා.
ඇතැම් ප්රදේශවල පවතින සිමෙන්ති හිඟය නිසා රාජ්ය සහ පෞද්ගලික අංශවල ඉදිකිරීම් කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා.