පෞද්ගලික බස් රථවලට කළුතෙල් ප්‍රහාරයක්

ගාලු ආරේදී පෞද්ගලික බස් රථ කිහිපයකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කළුතර-කොළඹ, මතුගම-කොළඹ, අළුත්ගම-කොළඹ සහ අම්බලන්ගොඩ-කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ කිහිපයකට මෙසේ කළුතෙල් ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. 

දුරගමන් සේවා සඳහා සාමාන්‍ය ගාස්තු අයකරන පෞද්ගලික බස් රථ සඳහා යම් සංවිධානාත්මක කල්ලියක් විසින් කළුතෙල් ප්‍රහාර එල්ල කර ඇති බවටයි අනාවරණය කර ගෙන ඇත්තේ. දෙහිවල පොලීසිය විසින් එම කල්ලි සාමාජිකයින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu