එම පොලී වැඩිවීම තැන්පත්කරුවන් වෙත හැකි ඉක්මණින් ලබා දෙන ලෙස මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත් ඒ බව මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති බවත් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මීට අමතරව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5.5% දක්වා ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.5% දක්වා ද ඉහළ දැමීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය නියෝග කර ඇති බව සඳහන්. පදනම් අංක 50 බැඟින් එම ඉහළ නැංවීම් සිදු කර තිබෙනවා.