ලබන සඳුදා සිට පාසැල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සියළුම පාසැල්වල 1 වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිතයි.
මෙතෙක් පාසැල්වලට සිසුන් කැඳවනු ලැබූයේ කොටස් වශයෙන් වන අතර මෙම තීරණයත් සමඟම සියළුම පාසැල් සිසුන්ට දිගු කලකට පසුව එකවර පාසැල් පැමිණීමට හැකියාව ලැබෙනවා.