ඉන්දුනීසියාවට රිච්ටර් මාපල 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට මෙම භූ කම්පනයෙන් බලපෑමක් නොවන බවයි සඳහන් වන්නේ.