වසංගත තත්ත්වය මත එම සමාගමේ සැපයුම් ජාලවලට ගැටළු පැන නැගීම හේතුවෙන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වී ඇති බවයි පැවසෙන්නේ. එම නිසා ජපානයේ පිහිටි ටොයෝටා කර්මාන්තශාලා කිහිපයක් තව දුරටත් වසා දමනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමේ වාහන 14,000ක පමණ නිෂ්පාදන නවතින බව ටොයෝටා සමාගම දැනුම් දී තිබෙනවා.
ටොයෝටා සමාගමේ ගිනිකොණ ආසියානු කලාපයේ පිහිටි අමතර කොටස් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා කිහිපයක් ද තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ලෑන්ඩ් කෘසර් සහ ලේක්සස් නිෂ්පාදනයට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ.