මගී ප්රවාහන ත්රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 30කින් ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අයකල ගාස්තුව වන රුපියල් 50ක මුදල රුපියල් 80 දක්වා ඉහළ යනවා. එහෙත් දෙවන කිලෝමීටරය සඳහා අය කරන රුපියල් 45 ගාස්තුව වැඩි නොකරන බව එම සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා පවසනවා.