මෙරට දී නිපදවිය හැකි බෝග ආනයනය සීමා කිරීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිපදවිය හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේ දී මෙරටට ගෙන්වීම සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
එලෙස බීජ ආනයනය සීමා කරන බෝග ලෙස අර්තාපල්, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු හා රටකජු පෙන්වා දී තිබෙනවා.
එසේම, 2024 වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සැලසුම් කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා. අල හා බී ලුණූ ආනයනය 35%හා 30%කට සීමා කිරීමටත් කටයුතු කළ හැකි බවයි අමාත්‍යවරයා සාකච්ඡාවකට එක් වෙමින් පවසා ඇත්තේ.