මින් පෙර රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවයේ නියුතු සේවකයින් විශ්‍රාම යාමේ වයස ලෙස දැක්වූනේ අවුර්දු 57යි. නව විධිවිධාන අනුව ඕනෑම නිලධාරියෙකු 57 ඉක්මවා සේවය කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අවුරුදු 62ක් දක්වා සේවය කල හැකි වනවා.
කෙසේ වෙතත් වයස අවුරුදු 57 සහ 62 කාලය තුළ යම් සේවකයෙකුට විශ්‍රාම යාමට අවශ්‍යනම් පත්වීම් බලධාරියා වෙත මාස 3ක පූර්ව දැනුම්දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකියි. කාර්යක්‍ෂමතාවය හා කාර්යය සාධනය සතුටුදායක නොවන නිලධාරියෙකුට වයස අවුරුදු 57 න් ඔබ්බට සේවා දීර්ඝ කිරීමක් ලබා නොදීමට පත්වීම් බලධාරියා තීරණය කරන අවස්ථාවක දී නම් අදාළ නිලධාරියාට එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 6 ක පූර්ව දැනුම්දීමකින් පසුව විශ්‍රාම ගැන්වීමේ බලය පත්වීම් බලධාරියා සතු වනවා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා මෙම නිවේදනය සිදු කර තිබෙනවා.