පකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂීය ලෙස ඝාතනයට ලක් වූ ප්රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු අද ගණේමුල්ල පොදු සුසාන භූමියේ දී සිදු වුණා. ප්රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් ඊට සහභාගී වී තිබුණා.
මේ අතර ප්රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 08 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ගුජරන්වාලා ත්රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.