නොරොච්චොලේ එක් විදුලි ජනන යන්ත්රයක ඇති වී තිබෙන දෝෂය අළුත්වැඩියා කර අනිද්දා වන විට ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්යංශය පවසනවා. එම නිසා අනිද්දා දිනය තෙක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසා තිබෙනවා.
මේ අනුව විදුලි ඉල්ලුම ඉහළ අගයක් ගන්නා රාත්රී කාලයේ මිනිත්තු 30 ත් 45 ත් අතර කාලයක් ඇතැම් ප්රදේශවලට විනාඩි 30- 45ක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.