ඉදිරියේ දී මීට වඩා බරපතල වෛරස පැමිණිය හැකි බවය්ජ් ඒවා ඉක්මණින් බෝවන සහ ඉතා මාරාන්තික විය හැකි බවත් රිචඩ් ඩිම්බල්බි දේශනයට එක්වෙමින් Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරයෙකු වන සාරා ගිල්බට් ප්‍රකාශ කර සිටිනවා.
එම දේශනයේ දී ඇය වැඩි දුරටත් කියා සිටියේ දැනට සොයා ගෙන ඇති ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනය වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තිවෘ කර ඇති බවයි.
මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් මේ වන විට හඳුනාගෙන තිබෙන බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවනවා. එය ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේදවල විකෘතිතා සංඛ්‍යාව පවා ඉක්ම ගොස් ඇති බවයි ඒ මහතා පවසන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 23ක් ද ඇල්ෆා ප්‍රභේදයේ විකෘතිතා 8ක් ද වාර්තා වී තිබූ බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා වැඩි දුරටත් කියා සිටිනවා. මෙය බෝවීමේ සීඝ්‍රතාව පිළිබඳ තවමත් හරියාකාරව කිව නොහැකි බවයි ඒ මහතා පවසන්නේ.