ශ්‍රී ලංකාවේ "රා" කර්මාන්තය නව මඟකට

"රාගා : කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක්" ජනගත වේ! නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින්.

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය  වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් "රාගා" සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් අද(14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබිණි.

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම ඉදිකළ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරුව මෙම කිතුල් රා ඇතුළු නිෂ්පාදන පෙළ ජනගත කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගමේ සභාපති ප්‍රභාත් ද අල්විස් යන මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,

කර්මාන්ත අමාත්‍යාංශය,

2021-12-14

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry

Sri Lanka Toddy Industry


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu