අවම බස් ගාස්තුව රුපියල් 16 දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රුපියල් 14ට පවතින අවම බස් ගාස්තුව ඒ අනුව රුපියල් දෙකකින් ඉහළ යනවා.
ඉන්ධන මිල වැඩි වීමත් සමඟම මෙලෙස බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවයි ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ. සංශෝධනය වන බස් ගාස්තු පිළිබඳ විස්තර එළඹෙන බදාදා ප්‍රකාශ කිරීමට නියමිතයි.