ලිට්රෝ සහ ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම් දෙක තීරණය කර තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය විසින් පැනවූ කොන්දේසිවලට යටත්ව ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම කළ නොහැකි බව කියමින් එම සමාගම් දෙක ගෑස් නිකුත් කිරීම නවතා දමා තිබුණා.
නමුත් ඊයේ සවස එම ගෑස් සමාගම් නියෝජිතවරුන් සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙක ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කළා.