දිගින් දිගටම සිදුවන ගෑස් කාන්දුවීම් නිසා ඇතිවන අනතුරුදායක තත්ත්වයන් හමුවේ ලිට්රො සමාගම විසින් හදිසි අවස්ථාවකදී කතා කිරීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
1311 යන දුරකතන අංකය ඔස්සේ හදිසි අවස්ථාවක දී පාරිභෝගික ජනතාවට ලිට්රෝ සමාගම වෙත ඇමතුම් ලබා දිය හැකියි. එසේම ලිට්රො ගෑස් සමාගම විසින් පාරිභෝගිකයින්ට නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබෙනවා.