රුපියල් බිලියන දහස ඉක්මවූ වත්කම් පදනම රුපියල් බිලියන දෙදහස ඉක්මවූ වත්කම් පදනම ලෙස ඉහළ නංවා ඇති අතර එම කාණ්ඩයේ රුපියල් මිලියන 33ක්ව පැවති වාර්ෂික බලපත්‍ර ගාස්තුව 2022 වසරේ සිට රුපියල් මිලියන 38 දක්වා වැඩි කර තිබෙනවා.
මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත මට්ටම අද (29) දිනයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1 සීමාවට පැමිණි බවයි. එම සංචිත මේ වසර අවසාන වන තෙක් පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව එම සටහනේ වැඩි දුරටත් සඳහන් වනවා.