ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ගමන් කල හෙලිකොප්ටර් යානය අද තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී අනතුරට ලක්වුණා. එම යානයේ ඔහුගේ බිරිඳ සහ කාර්ය මණ්ඩලය ද සිටි බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 13 දෙනෙකු හෙලිකොප්ටරයේ ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්වරයා ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.