වයස අවුරුදු 18ට අඩු කවර හෝ පුද්ගලයෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බව දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබෙනවා.
ඒ අනුව අදාළ තැනැත්තාට මරණ දඬුවම නියම කිරීම හෝ සටහන් කිරීම වෙනුවට එම තැනැත්තා ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති තාක් රැඳවුම් භාරයේ තැබීමෙන් දඬුවම් කිරීමට හැකිවන පරිදි අදාළ සංශෝධනයන් සිදු කරනු ලබනවා.