එක් වාහනයක එක් පුද්ගලයෙකු බැඟින් ගමන් කිරීමේ දී විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහනවලට වියදම් වන නිසා එක් වාහනයක අනිවාර්යයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් බිලියන 7ක මුදලක් වැය කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා අත්‍යාවශ්‍ය කාරණාවලට පමණක් වාහන භාවිතා කර ඉන්ධන පිරිමැසිය යුතු බව අවධාරණය කර සිටිනවා.
දැනටමත් රට ඉතා භයානක තත්ත්වයකට පැමිණෙමින් ඇති බවත් ඉදිරියේ දී මෙම තත්ත්වය ඉතා දරුණු විය හැකි බවත් අමාත්‍යවරයා අනතුරු අඟවනවා. එසේම සියළු දෙනාම තම නිවසේ පෝච්චියක හෝ කෑමට යමක් සිටුවා ගැනීම සුදුසු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.