ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රභූන් අතර අනුහස් සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ තිරුපති කෝවිල අධික වැසි නිසා හදිසියේ වේගයෙන් ගලා ආ ජල කඳක් හේතුවෙන් යටවී ගොස් තිබෙනවා.
ශුද්ධ වූ කඳු පෙලක් ලෙස සැලකෙන තිරුමාලා කඳුවැටියේ සිට මඩ මිශ්‍රිත මහා ජලකඳක් අනපේක්ෂිත අයුරින් වේගයෙන් ගලා එන ආකාරයේ වීඩියෝ මාධ්‍ය හරහා ද ප්‍රචාරය වෙමින් තිබෙනවා.
කෝවිල අවට ජනතාව ජීවිත බේරා ගැනීමට නිවෙස් අතහැර උස් ස්ථානවලට ගමන කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ.