මෙතෙක් ආරම්භ වී නොමැති 06 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ආරම්භ කිරීමට නියමිතයි.
මීට පෙර පළමුවන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරුණා.
ඒ අනුව හෙට සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇති.
උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.