අධිවේගී මාර්ගය සඳහා ගාස්තු ගෙවීමේ දී අදාළ ගාස්තු ගෙවීම ඩිජිඩල්කරණය කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
තම ජංගම දුරකතනයේ මුදල් ප්රමාණය සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමට මේ මඟින් හැකියාව ලැබෙනවා. ගාස්තු අය කිරීමේ ගේට්ටුවෙ ඇති කේතය (QR) පරිලෝකනය (Scan) කිරීමෙන් තත්ත්පර 8-10 අතර කාලයක් තුළ අදාළ ගෙවීම් සිදුකිරීමට රියදුරන්ට හැකියාව ලැබෙනු ඇති.
අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම එකතු කිරීමේ දොරටු සඳහා ද හඳුන්වා දීමට නියමිතයි.