ඊයේ (12) ඉදිරිපත් කෙරුණු අයවැය මඟින් සුරාබදු මිල ඉහළ නැංවීමට සාපේක්ෂව දේශීය මත්පැන් මිල ඉහළ නැංවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මිල ඉහළ නැංවීමේ ප්රකාශයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත් කළා.
එම ප්රකාශයට අනුව,
- දේශීය නිෂ්පාදිත අතිවිශේෂ අරක්කු මිලි ලීටර් 750 බෝතලයක මිල රුපියල් 96.14 කින් ඉහළ නැංවෙනවා.
- දේශීය නිෂ්පාදිත විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 126.84 කින් ඉහළ නැංවෙනවා.
- සැර 18% ට වැඩි විදේශීය වයින් බෝතලයක මිල රුපියල් 14 .40 කින් ඉහළ නැංවෙනවා.
- සැර 5% අඩු බියර් මිලිලීටර 625 හෝ කෑන් එකක මිල රුපියල් 3.10 කින් ඉහළ නැංවෙනවා.
- සැර 5% වැඩි බියර් කෑන් එකක මිල රුපියල් 14 කින් ඉහළ නැංවෙනවා.