අද (26) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නා. එම රැස්වීමේ දී එන්නත සම්බන්ධයෙන් ද තීරණ කිහිපයක් ගනු ලැබුවා.
දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීම ( පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක්
හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත)
රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී අධි මාත්‍රා එන්නත ලබාදීම
කොවිඩ් දෙවන මාත්‍රාව ලබා මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මගින් බූස්ටර් මාත්‍රාව ලබාදීම යන තීරණ කමිටු රැස්වීමේ දී ගනු ලැබුවා.