ගෙවතු වගාවට හොඳ කොම්පොස්ට් නිවැරදිව හදාගන්න නම්

විද්‍යාත්මක ප්‍රවේශයකින් යුතුව පරිසර හිතකාමී කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම ලිපියෙහි බලාපොරොත්තුවයි. 

" අප විසින් කොම්පොස්ට් සෑදීමට ගොඩගසා ගන්නා මිශ්‍රණය කොම්පෝස්ට් බවට පත් කරන්නේ ක්ෂුද්‍ර ජීවීන් විසිනි. ඔවුහු ඔක්සිජන් ඇති විටකදී ක්‍රියාත්මක වන ස්වායු ජීවීන් වෙති. ඔවුන්ගේ ශ්වසනය පිණිස කාබන් බහුල උපස්ථරයක් මිශ්‍රණය තුළ යහමින් තිබිය යුතුය. එසේම තම වර්ගයා ගුණනය වීමේ දී අවශය දේහ ගොඩනැඟීම සඳහා අවශ්‍ය නයිට්‍රජන් ලබාගැනීමේ හැකියාව ද මිශ්‍රණයේ තිබිය යුතුය. එනම් මේ ද්විත්වයම සුදුසු අනුපාතයකින් අප මිශ්‍ර කළ යුතුවේ. යොදන ද්‍රව්‍යයන්හි කාබන් නයිට්‍රජන් අනුපාතය කෙබඳු දැයි අප තේරුම් ගත යුත්තේ එබැවිනි. 

මෙම සම්බන්ධතාව පැහැදිලි කර ගැනීමට සරල උදාහරණ කිහිපයක් ගනිමු. කොම්පෝස්ට් සෑදීමේ අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා යම් කාබනික ද්‍රව්‍යයක (පොහොරක් නොවේ) කාබන් ප්‍රතිශතය 40%ක් ද නයිට්‍රජන් ප්‍රතිශතය 2%ක් ද වශයෙන් දරන්නේ යැයි සිතමු. 40/2 යන්නෙහි පිළිතුර 20කි. එනම් නයිට්‍රජන් එක කොටසකට එහි ඇති කාබන් කොටස් ගණන 20කි. එවිට අනුපාතය 20:1ක් වේ. කාබන් 35%ක් සහ නයිට්‍රජන් 5%ක් තිබෙන කාබනික ද්‍රව්‍යයක් නම් එහි අනුපාතය 7:1කි. (32/5=7) අප අවට තිබෙන කාබනික ද්‍රව්‍ය කිහිපයක අනුපාතය පහත දක්වා තිබෙනවා. 

පිදුරු 80:1

ලී කුඩු 400:1

බඩ ඉරිඟු අවශේෂ 60:1

කුකුල් පොහොර 10:1

මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය 15:1

ගොම පොහොර 20:1

තණකොළ/අමුශාක පත්‍ර කොටස් 15:1

භාවිතයේ දී මෙම අනුපාත පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට ඇති අපහසුතාවය නිසා දුඹුරු සහ කොළ වර්නය පිළිබඳව සලකා ඇතැම් විට මෙම අනුපාතයන් පිළිබඳව සලකා බලනු ලබනවා. දුඹුරු අමුද්‍රව්‍ය යනු කාබන් වැඩි ඒවා ලෙසත් කොළ අමුද්‍රව්‍ය නයිට්‍රජන් බහුල ඒවා ලෙසත් එහිදී සලකනු ලබනවා. හොඳ කොම්පෝස්ට් මිශ්‍රනයක් සාදා ගැනීම සඳහා අනුපාතය 20:1 සිට 30:1 අතර රඳාපවත්වා ගත යුතුවනවා. අධික ලෙස පිදුරු භාවිතයෙන් කොම්පොස්ට් සෑදීමට උත්සාහා කළහොත් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනයට අවශ්‍ය නයිට්‍රජන් පදාර්ථය නොමැති වීම නිසා නිසි කලට දිරීම සිදුනොවන බව ඔබට වැටහේවි. එසේම මුළුමනින්ම පාහේ අමු කොළ  භාවිතා කලහොත් කාබන් නොමැති වීම නිසා ද ක්ෂුද්‍ර ජීවීන්ගේ බෝවීම අඩාල වී මිශ්‍රනය කුණුවී යාමට පුළුවන්. කාබන් ප්‍රභවයක් ලෙස කාඩ්බෝඩ්, පරණ කඩදාසි වුවත් භාවිතා කල හැකියි. නමුත් මුද්‍රිත අකුරු ඇති කඩදාසි සුදුසු නොවේ. ඒ තීන්තවල ඊයම් අපෙවතියහොත් බැරලෝග මිශ්‍රණය සඳහා එකතුවීමේ හැකියාව වැඩි නිසා. අමුද්‍රව්‍ය කැබලි කුඩා වන තරමට දිරීම ඉක්මන් වේ. 

නිරන්තරයෙන් මිශ්‍රනය පෙරළමින් වාතනය කිරීමත් තෙතමන මට්ටම රඳා තබා ගැනීමත් වැදගත් වනවා. කැබලි කුඩා කල පමණින් අනෙක් අවශ්‍යතා නොසලකා හැරීමෙන් ක්‍රමවේදයන් සීඝ්‍ර නොවීමට පුළුවන්. 

කොම්පෝස්ට් නිෂ්පාදනයේ දී සහාය වන්නේ ස්වායු ජීව්න් නිසා මිශ්‍රණය තුළට ඔක්සිජන් ද ලැබිය යුතුවේ. සම්පූර්ණයෙන් පොලිතීන්වලින් නොවසා භූමියේ සිට ඉහළට යම් ප්‍රමාණයක් විවෘතව තැබිය යුත්තේ ඇතුළට ඔක්සිජන් ලැබීම තහවුරු කිරීමටයි. 

ආශ්‍රිත : මවුබිම




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu