ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරනු ලබනවා.
මීරිගම සිට කුරුණෑගල දක්වා වන කිලෝමීටර් 39 ය විශාල පාලම් 12 කින් සහ බෝක්කු 130 කින් සමන්විත වේ. මෙහි දිග කිලෝමීටර 11 කට ආසන්න මාර්ග කොටසක් කොන්ක්‍රීට් කණු මත ඉදිකර ඇත්තේ පරිසර හිතකාමී වන ලෙස හා ගංවතුර ඇති නොවන ලෙසය.
මේසඳහා කල ආයෝජනය රු. බිලියන 160 කි. මෙහි විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන්ම දේශීය බැංකුවලින් ලබාගත් ණය මේ සදහා යොදා ගැනීමයි.ඒබැවින් මධ්‍යම අධිවේගී මාර්ගයේ අනෙකුත් අදියර මෙන් විදේශ ණය අනුමත නොවීම නිසා ඉදිකිරීම් ආරම්භය පමා නොවිනි.
මෙහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන මිරිගම, නකලගමුව, දම්බොක්කා සහ කුරුණගල යන ස්ථානවල ස්ථාපිත කර ඇත.පසුව මෙහි ස්වයංක්‍රීය සබැඳි කවුන්ටර පහසුකම්ද (ETC,Multi lane Free flow) ඉදිරියේදී ලබාදීමට නියමිතව ඇත.