මෙය ලෝකයම මුහුණ දෙන කොරෝනා වෛරසය හමුවේ ඇති වූ උද්ධමයක් නොව ආරාධනා කර ලබා ගත් උද්ධමනයක් බවයි ඔහු පවසන්නේ.
"ලෝකයේ මේ සම්බන්ධයෙන් උදාහරණ බොහොමයක් තිබෙනවා. මෑතකාලයේ දී සිම්බාබ්වේ එවගේම සෝවියට් රුසියා සමූහාණ්ඩුවෙන් මිදුණු රටවල්වල මේ තත්ත්වය දක්නට ලැබුණා. එහි දුටු ප්‍රධානම දේ තමයි මුදලට ඇති විශ්වාසය මිනිසුන් තුළ බිඳ වැටුණා. රටේ මුදල් තිබුණත් ඒ මිනිස්සුන්ට තමන්ගේ දනික අවශ්‍යතා පියවා ගැනීමට නොහැකි වුණා. රුපියලේ වටිනාකම බලන් ඉද්දි අඩු වුණා. මේක අතිධාවනකාරී උද්ධමනයක් ලෙස හඳුන්වනවා. එලෙස අති ධාවනකාරී උද්ධමනයට ගියොත් මුදලට කිසි වටිනාකමක් නැහැ. උදාහරනයක් වශයෙන් සිම්බාබ්වේ වැනි රටක පාන් රාත්තලක් ඩොලර් ට්‍රිලියනකට ගන්න බැරිවුණා. මෙම තත්ත්වය ආර්ථිකයේ සියළුම අංශ කඩා වැටීමට හේතුවනවා.
ආර්ථිකයේ ඇතිවන සංකූලතාව ඉතා ඉක්මනින් නිවැරදි කර ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන එකම දේ නිෂ්පාදනය කෙසේ හෝ වැඩි කරගන්න ඕන. එසේ නිෂ්පාදනය වැඩි කරගත්තේ නැත්නම් සමස්ථ ආර්ථිකයම කඩා වැටීමට ඉඩ තියනවා. කිසිම දෛනික කටයුත්තක් කර ගැනීමට නොහැකිවන තරමට පත්වෙනවා. මේ තත්ත්වය තුළ රටේ මුදල් සංචිත ඉතුරුවෙලා තියෙනවානම් විශේෂයෙන් විදේශීය සංචිත මිනිස්සු ඒවා එළියට අඳින්න ගන්නවා. එය විෂම චක්‍රයක් ලෙස උද්ධමනයට බලපානවා. එයා ආර්ථිකයේ නොහිතන ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවනවා"
මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා වැඩි දුරටත් පවසනවා