අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක පමණක් සේවක සේවිකාවන් 30 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.
ඒ අනුව ස්ථාන කිහිප්යක පිහිටි වෙළඳසැල් දින හතක කාලයක් ස්වයං නිරෝධායනය යටතේ තාවකාලිකව වසා දමා තිබෙනවා.
පසුගිය පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා පුද්ගලයින් රාත්‍රී ආපනශාලාවලය රැස් වෙමින් මදුවිත පානය කරමින් සිටිනු දක්නට ලැබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන අතර එම පුද්ගලයින් අතර නිසි පරතරයක් හෝ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කිසිවක් නොති බූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.