දරුවන් වෙනුවෙන් පවතින නඩු වඩා ප්‍රගතිශීලී පරිසරයක දරුවන්ටම වෙන් වූ, දරුවන්ට සියළු පහසුකම් සපයා ඇති උසාවියක පැවැත්වීමේ ක්‍රමවේදයක් සහ එම නඩු ඉක්මණින් අවසන් කිරිමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටිනවා.
ඒ හැරුණු කොට ළමා රක්ෂණ අධිකාරිය සමඟ එක්ව විශේෂ ආකාරයට සාක්ෂි ලබා දීම සඳහා වූ වැඩපිළිවෙලක් ද සකස් කර ඇති බව අමාත්‍යවරයා පවසනවා. ඒ හා සමානව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳවත් යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා දන්වා සිටිනවා.
දරුවන් සාක්ෂිකරුවන් ලෙස අධිකරණය වෙත කැඳවීමක් සිදු නොකර ඔවුන්ගේ සාක්ෂි වීඩියෝපට හරහා ලබා ගැනීමට "ළමා පියස" නමින් නව විශේෂ මැදිරියක් ද ඊයේ (01) රාගම දී විවෘත කෙරුණා.