අදියර හතරකින් පාසැල් ආරම්භ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.
සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසැල් සහ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණක් ඇති පාසැල් පළමුව විවෘත කිරීමට නිර්දේශ ලබා දී ඇති බවයි ලේකම්වරයා වැඩි දුරටත් පවසන්නේ. ලංකාවේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසැල් 5131 ද 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණක් ඇති පාසැල් 3884 ක්ද ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා දන්වනවා.
ඒ අනුව එම පාසැල් විවෘත කිරීමට පෙර නිරීක්ෂණ චාරිකා සිදු කිරීමේ මූලික කටයුතු අද ආරම්භ කෙරෙනවා.
ආරම්භ කරන ශ්‍රේණි සහ ඊට අදාළ දින වකවානු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.