ඔක්තොබර් පළමුවනදා රට විවෘත කිරීම ගැන යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්

ක්තෝබර් පළමුවන දින උදෑසන 4ට රට විවෘත කිරීමට සියළුම කටයුතු සූදානම් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා වන විට සෞඛ්‍ය අංශවලට, ප්‍රවාහන අංශයන්ට, රාජ්‍ය පරිපාලන අංශයට සහ අනෙකුත් සියළුම අමාත්‍යාංශවලට රටේ ජනතාව ක්‍රියා කළයුතු  ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස මේ වන විටත් දැනුම් දී ඇති බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ. 

රට විවෘත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණ ගැනීමට අද (27) සාකච්ඡාවක් පැවැත්වෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu