
හෙට දිනයේ දී "රෙගන් කෝව්" එන්නත් මාත්‍රා 500ක් මෙරටට ගෙන්වීමට නියමිතයි. එය ආසාධ්‍ය රෝගීන් 250කට ප්‍රමාණවත් වනවා. එක් ආසාදිතයෙකුට මිලිග්‍රෑම් 600ක් සම්පූර්ණ වන පරිදි එන්නත් මාත්‍රා දෙකක් ලාබාදිය යුතු වනවා.
එක් එන්නතක මිල ඇමරිකානු ඩොලර් 500ක් වන අතර පෞද්ගලික අංශය විසින් මෙම එන්නත් මාත්‍රා ලබා ගෙන ඇත්තේ ජර්මනියෙන්.
මෙම එක් එන්නතක් මෙරට තුළ රුපියල් 130,000ක මිලක් වනු ඇති බවයි පැවසෙන්නේ.
මෙම එන්නත මඟින් කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානය 81%කින් අඩු වන බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.