චීන තනාපතිවරයාට මෙම තහනම පැනවීමට මූලික හේතුව වී ඇත්තේ චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන පාර්ලිමේන්තුව තුළ කරුණු ඉස්මතු කළ මන්ත්‍රීවරුන්ට බීජිං පාලනය විසින් සම්බාධක පැනවීමයි.
මීට පෙර ෂින්ජියැං ප්‍රාන්තයේ සිදු වූ බවට පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලද චීන බලධාරීන්ට බ්‍රිතාන්‍යය විසින් සම්බාධක පනවා තිබුණා. ඉන්පසු පසුගිය මාර්තු මාසයේ බ්‍රිතාන්‍ය දේශපාලනඥයින්, නීතිඥයින් සහ විද්‍යාඥයින් ඇතුළු නව දෙනෙකුට චීනය විසින් සම්බාධක පැනවූයේ බටහිර ප්‍රදේශයේ වාසය කරන උයිගුර් මුස්ලිම්වරුන්ට අයුතු ලෙස සලකන බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන කල බවට චෝදනාව මතයි.
දෙරට අතර මෙසේ මතභේද උග්‍ර වෙමින් තිබිය දී බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඒකාබද්ධව ඓතිහාසික ඉන්දු-ශාන්තිකර ගිවිසුමකට එළැඹ තිබෙනවා. මෙවැනි ගිවිසුමක් ප්‍රකාශයට පත් කර ඇත්තේ කලාපයේ ආරක්ෂාවට බව පැවසුවත් විචාරකයින් පවසන්නේ එය චීනයට එරෙහිව කටයුතු කිරීමේ උත්සාහයක් වන බවයි.
'ඕකස්' ලෙස හැඳින්වෙන මෙම ගිවිසුම හරහා ඇමරිකානු තාක්ෂණය උපයෝගී කර ගනිමින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන තැනීමට පළමුවරට ඕස්ට්‍රේලියාවට ඉඩ සැලසෙනවා. එසේම මෙම ගිවිසුමෙන් කෘතිම බුද්ධිය, සයිබර් අවකාශය සහ ක්වොන්ටම් තාක්ෂණයට අයත් විෂය පථයන් ද ආවරණය කරනවා.
මෑත කාලයේ ඉන්දු-ශාන්තිකර කලාපය තුළ වර්ධනය වන චීන හමුදා බලය පිළිබඳව බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දැඩි කනස්සල්ල පළ කරමින් සිටිනවා. කෙසේ වෙතත් චීනය පවසන්නේ මෙම ගිවිසුම එම රටවල චීතල යුද්ධ මානසිකත්වය සහ මතවාදී අගතිගාමිත්වය පිළිඹිබු කරන බවයි.
දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ඒකාබද්ධව ඇති ගන්නා ලද විශාලතම ආරක්ෂක හවුල්කාරීත්වය මෙය වන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.