ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පූර්ණ අනුමැතිය පිරිනමා ඇති අතර මෙම සහතිකය ලද පළමු එන්නත බවට එය පත් වී තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවූ සියළුම පුද්ගලයින්ට මෙම එන්නත ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් වයස අවුරුදු 16ට වැඩි සියළුම පුද්ගලයින්ට හදිසි භාවිතය සඳහා ෆයිසර් එන්නත ලබා දීම පසුගිය දෙසැම්බර් මාසයේ දී අනුමැතිය හිමිවුණා.
නමුත් අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට මෙම එන්නත ලබා දීම සඳහා පූර්ණ අනුමැතිය තවමත් හිමි වී නැහැ.