නව මාර්ගෝපදේශමාලාවක්, සංචරණ සීමා දැඩි කෙරේ

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව මාර්ගෝපදේශමාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකවන පරිදි මෙම මාර්ගෝපදේශයන් වලංගුවනවා.

මාර්ගෝපදේශ මාලාවට අනුව,

  • මෙම කාලසීමාව තුල දී ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට නිවසින් බැහරව යාමට අවසර හිමිවන්නේ නිවසින් එක් පුද්ගලයෙකුට පමණි. 
  • සියලුම ප්‍රිය සම්භාෂණ සහ විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම්
  • ආගමික ස්ථාන තුළ  සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් සඳහා අවසර නැත.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථාන සති 02ක කාලයක් සඳහා වසා දැමීමට නියෝග කර ඇත.
  • සියලු පෙර පාසැල්, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.
  • ඇවිදිනි මංතීරු භාවිතා කිරීමට අවසර හිමිවන්නේ සාමුහිකව නොව තනි තනි වශයෙනි.
  • අද දිනයේ සිට සියලුම සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාදා, විනෝද සැණකෙළි, පිහිනුම් තටාක, වසා දැමිය යුතුය.
  • ආපනශාලා තුල එකවර ආහාර ගැනීමට අවසර හිමිවන්නේ 50%ක ධාරිතාවයෙන් යුතු පිරිසකටය.
  • හෝටල්, තානායම් සහ කාමර කුලියට ලබාදීමේ ස්ථාන 25% ක ධාරිතාවයකින් යුක්තව පමණක් පවත්වාගෙන යාමට අවසර හිමිවේ.
  • පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් රැගෙන යා යුතුය
  • අන්තර් පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන්නේ අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට පමණයි.
  • පෞද්ගලික වාහනවල ගමන් බිමන් යාමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.
  • පෞද්ගලික කුලී මගී රථ සේවා භාවිතා කිරීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.
  • රාජ්‍ය ආයතන සහ පුද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමේදී සේවය සඳහා ආදාළ පළාත තුල පදිංචි සේවකයින් කැඳවීමට මුලික ලෙස පියවර ගත යුතුය.
  • අත්‍යවශ්‍ය සේවාවන්ට සම්බන්ධ ආයතන පවත්වාගෙන යාමේදී සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් ගෙන්වීමට ආයතන ප්‍රධානින් පියවර ගත යුතුය.
  • යම් හෙයකින් ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත පමණක් සේවකයින් කැඳවීමට හැකිය.
  • ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම් කටයුතු සඳහා පමණක් විවෘත කිරීමට අවසර හිමිවේ.
  • කිසිදු සම්මන්ත්‍රණ, රැස්වීම් හෝ සන්නාම ප්‍රවර්ධන සිදුකිරීම් සපුරා තහනම් වේ. 
  • සුපිරි වෙළෙද සැල් පවත්වාගෙන යාමේදී අදාළ ආයතනයේ ප්‍රමාණයෙන් සීයයට 25ක් වන ධාරිතාවයෙන් යුක්තව ජනතාව ඇතුලත් කර ගැනීමට අවසර හිමිවේ.
  • ඇගලුම් කම්හල්, කෘෂිකර්ම වගා බිම් සහ ධිවර කටයුතු ද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන්ට යටත්ව සිදුකිරීම සඳහා අවසර හිමිවේ.
  • සුපිරි වෙළෙද සැල් පවත්වාගෙන යාමේදී අදාළ ආයතනයේ ප්‍රමාණයෙන් සීයයට 25ක් වන ධාරිතාවයෙන් යුක්තව ජනතාව ඇතුලත් කර ගැනීමට අවසර හිමි වේ. දෙදෙනෙකු අතර මිටර් 1.5ක පරතරයක් පැවතීම අනිවාර්ය වේ. 
  • එකවර වෙළෙද සැල තුලට ඇතුල්වීමට හැකි පිරිස කොපමණක් ද යන්න දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශණය කිරීම අනිවාර්ය වේ.
  • සියලු සාප්පු සංකීර්ණ අද සිට වසා දැමිය යුතුය.
  • බැංකු, කල්බදු පහසුකම් ලබාදෙන ආයතන සහ උකස් මධ්‍යස්ථාන සඳහා එකවර ඇතුලත් කර ගැනීමට අවසර හිමිවන්නේ අදාළ ආයතනයේ ප්‍රමාණයෙන් සියයට 10ක පමණක් වන ගණුදෙනුකරුවන් පිරිසකට පමණයි. එලෙස පැමිණෙන පිරිස් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට වගබලා ගැනීම ආයතනය විසින් සිදුකළ යුතුයි. ආයතනයට ඇතුල්වීමට හැකි පිරිස කොපමණක් ද යන්න දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශණය කිරීම අනිවාර්ය වේ.
  • රෙදිපිළි වෙළෙදසැල් විවෘත කිරිමට අවසරය හිමිවන අතර එයද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්වය.
  • කෘෂිකාර්මික කටයුතු පදනම් කරගෙන සිදුකරනු ලබන ආයතන ද සිය කටයුතු  දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සිදුකළ යුතුය.
  • සති පොළ / විවෘත වෙළෙඳ සැල්, බේකරි, කොණ්ඩා සකසන ආයතන, රූපලාවන්‍යාගාර, හාඩ්වේයාර්, ඇඳුම් සෝදන ස්ථාන, කොමියුනිකේෂන් වැනි ආයතන සඳහා ඇතුල්වීමට අවසර ඇත්තේ ඒ ඒ ආයතන තුල පවතින ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක පිරිසකට පමණි
  • සිල්ලර බඩු අලෙවිසැල් තුලට එකවර පැමිණිය හැක්කේ ඇති ඉඩ ප්‍රමාණයෙන් සියයට 10ක පිරිසකට පමණයි.
  • ඇඳුම් මැසිමේ ස්ථාන, ජංගම වෙළෙඳුන්, ඉන්ධන පිරිවුම්හල් සහ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථාන තුල කටයුතු ද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදුකිරීමට අවසර හිමිවේ.
  • අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ඇති බවත්, අධිකරණ ශාලාවක් තුලට සීයයට 25කට නොවැඩි පිරිසක් ඇතුලත් කර ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ දක්වා ඇත.
  • සියලුම බන්ධනාගාර රැඳවියන් දැක බලා ගැනීමට අමුත්තන්ට අවසර හිමි නොවේ.
  • සෞඛ්‍ය සේවා කටයුතු ද අත්‍යවශ්‍ය සේවකයින් සංඛ්‍යාවක් අනුව නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පවත්වාගෙන යා යුතුය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu